අද වෙසක්. ගෙදර හරි හරියට වැඩ, කූඩු හදනව, බකට්, පහන් පත්තු කරනව, හතර දිබ්බාගෙම ඇහෙන්නෙ බක්ති ගී, බණ, පන්සිල්. උදෙන් ම පන්සල් ගියා, ගෙහුන් බණ පදයක් අහල හෙම එන මග දුන්න බෙලි මල් දන්සැලෙන් උගුරක් දෙකක් කට ගාලා ගෙදර ආව. හවස් ජාමෙ දි පුතන්ඩියත් එක්කල සෙල්ලම් කරල වෙස්ක් සැරසිලි කරා. ඕන් ඒ ගමන අපේ මායිය ගෙ ආසාවල් ඉස්ට සිද්ද කොරන වෙලාව, රාත්තිරියෙ කොළොන් තොටේ වෙසක් සිරි බලන්න, දන්සැල් කන්න යන්න තකහනියෙ ලෑස්තිය.
මෙතන ඉන්න අපේ පොඩි හාදය ට "වෙසක් කූඩු" කියන්න බෑ තාම, හැබැයි අපි ට වත් කියා ගන්න බැරි නමක් තමා උන් දැ කියන්නේ, "එතිස් කූඩු". කොහෙන් පාත් උනා ද බොලේ ඒ නම?.
ගෙදර උන්දැ දුම්මල වරම අත ට ගන්න කලින් මේ කෙටිල්ල නවත්තල හනික ලැහැත්ති වෙන්න ඕන.
බුදුන් ගේ තෙමගුල සිහි කරන මේ වෙසඟේ, මයෙ හිත් පොජ්ජේ තියෙන පැතුම මේකයි. "අපේ මිනිස්සුන් ගෙ හිත් නිවිල, වෛරය, ක්‍රෝධය නැති සාමකාමී ලෝකයක් බිහි වෙන්න කියල".
බුදු සරණයි!.