කුඩා දරුවන් නිතර කුතුහලයෙන් සිටිනා පිරිසකි. ඔවුන් තමන් අවට පරිසරයේ සිදු වන දේ පිළිබදව නිතර අවධානයෙන් සිටී. කලතුරකින් අවස්තාවක හැරුනු කොට ඔවුන් නිකරුනේ කාලය නාස්ති නොකරයි. මොවුන් නිතරම කුමක් හෝ ක්‍රියාවක් ඒ පිළිබද අවධානයෙන් (සම්මා සතියෙන්) කරනා පිරිසකි. මා මෙම නිරීක්ෂනයන් ලබා ගත්තේ මගේම දරුවා ගේ ක්‍රියාකාරකම් වලිනි.
මට අත් දකින්නට ලැබෙන ආකාරයට 80%ක් පමන කුඩා දරුවන්ට දවසේ වැඩිපුරම අසන්නට ලැබෙන්නේ "එපා" යන වචනයයි. දැන් එක පාරට හිතන්න එපා මා ළමයින්ට "එපා" කියන එක නවත්තන්න කියන්නයි හදන්නේ කියල. දෙමාපිය, වැඩිහිටි අප කුඩා දරුවන්ට නිසි මග පෙන්වන්නන් ය. එය අපේ යුතුකමක් මෙන්ම වගකීමකි. "එපා" කිව යුතු තැන කිව යුතුය. මා පෙන්වා දීම ට උත්සහ කරණුයේ ර්‍රට මදක් වෙනස් කරුණකි.
මගේම පුතා හා බැදුනු මෙම උදාහරණය සලකා බලන්න:
පුතා කාමරය ට පැමිණ මේසය මත නගී, මා "පුතා එපා මේසෙ උඩ නගින්න" යැයි කියයි. ඔහු මේසෙන් බැස පුටුව මත නැග බිමට පනින්නට පටන් ගනී. මා නැවතත් "එපා පුටුවෙන් පනින්න" යැයි කියයි. ඔහු ඊළගට ඇදට නැග බිමට පනින්න ගනී. මා නැවතත් "එපා පුතා" යැයි මදක් තදින් කියයි. ඔහුට කරන්නට දෙයක් මේ කාමරයේ නැති තැන ඔහු සාලයට ගොස් සෙල්ලම් බඩු සියල්ල බිම දමා සෙල්ලමක් පටන් ගන්නට මුල පුරන විට අම්මා පැමින "ඔක්කොම සෙල්ලම් බඩු බිම දා ගන්න එපා" යැයි කියයි. දරුවා ඉතා කලකිරීමකට ලක් වයි.
දෙමාපියන් දරුවාට "එපා" කියනවා මිස, "කරන්න" දෙයක් යෝජනා කරන්නේ නැති කමින් දරුවන් දැඩි අපහසුතාවට පත්වේ. "එපා" කියන්නට පහසු නමුත් කිරීම ට දෙයක් යෝජනා කිරීම බහුතරයක් දෙමාපියන්ට අපහසු කරුණක්ව ඇත. මෙය හුදෙක් දෙමාපියන් ගේ අනුවන කම නිසා සිදු කරන ක්‍රියාවකි.
එසේනම් අප කල යුත්තේ කුමක්ද? දරුවන් ගේ ආරක්ෂාවට, ඔවුන් හරි මග ට යොමන්නට "එපා" කිව යුතුය. නමුත් "එපා" කියන්නට පෙර වෙනත් විකල්පයක් යෝජනා කිරීමට තිබේදැයි සොයා බලා එම යෝජනාවත් සමග "එපා" කියන්න. "ඕක එපා පුතා අපි මෙන්න මේ දේ කරමුද?" ලෙස දරුවා සමග එක්ව යමක් කරන්න. දරුවන් සැම විටම අම්මා, තත්තා සමග සෙල්ලම් කිරීම ට ද කැමත්තක් දක්වයි. දෙමාපියන් දරුවන් කුඩා කල සිට ඔවුන්ගේ සිතැගි, හැසිරීම් තේරුම් ගනිමින් හරි මග පෙන්වන්නේනම් වඩාත් සුදුසු යැයි මට හැගේ. එමෙන්ම, කෙතරම් රාජකාරී බහුල උවත් තම කුඩා දරුවා සමග සැළකිය යුතු කාලයක් ගත කරන්න. ඔබ නොදැනීම ඔවුන් ලොකු මිනිසුන් වේ. ඔබ එදාට පසුතැවීමක් ඇති නොවන්න අදම වග බලා ගන්න.
කුඩා දරුවන් යනු අප හිතන් සිටිනවාට වඩා අප ගැන සිතන පිරිසකි.
- අනුරාධ -