"පුතා/දුව මේ පාර පන්තියේ කීවෙනියාද?" පාසැල් යන ඕනෑම දරුවෙකු ගෙන් නිතර ඇසෙන පැනයකි මෙය. පළවෙනි, දෙවෙනි, තෙවැනි තැන් ගත්තවුන් නොපැකිලිව පිළිවඳන් දෙන මුත් පහත් ශ්‍රේණියක් ගත් දරුවෙකු ට මෙය එතරම් සතුට දනවන පැනයක් නම් නොවේ. මෙයිනුත්, පළවෙනි තැන ගත් දරුවෙකු ට ලැබෙන ප්‍රතිචාර ඉතා ඉහළය. නමුත් සමහර තරඟ විභාග වලින් පළවෙනියා වීම එතරම් ම සතුට දනවන්න දෙයක් නොවේ. මෙය මගේ අත්ඇකීමකි.
චසර 1992. එකල මම පාසැලේ 8 වන වසරේ ඉගෙනුම ලබන සිසුවෙකි. ශ්‍රී ලංකා පොලීසිය විසින් අප දිස්තිරික්කයේ පාසැල් කිහිපයක් තෝරාගෙන තරඟ විභාගයක් පැවැත්විණ. මෙය මාර්ග නීති පිළිබඳ ව දැණුම උරගා බැලීමේ විභාගයක් විය. පැයක ප්‍රශ්ණ පත්‍රයක ට පිළිතුරු සපයා සති දෙක තුනක ට පසු ප්‍රතිඵල නිකුත් විණ.
මගේ මිතුරෙකු ට පළවෙනි තැන හිමි වී තිබිණ. මට දෙවන හෝ තෙවැනි තැන හිමි වී තිබිණ. (හරිය ට ම මතක නැත). මගේ මිතුරා සතුටින් ඉපිලී ගියේය. අපගේ මීළඟ කුතුහළය වූයේ අප ට හිමි වන්න ට යන තෑගී පිළිබඳවය. නොබෝ වේලාවකින් අප ට තෑගි ලබා ගැනීම ට කාර්යාලය ට ඇරයුම් ලැබිණ.
තෙවනි සහ දෙවැනි තැන් හිමි අය ට මුදල් තෑගි දෙකක් සහ සැනසිලි තෑගි ලැබිණි. පළවෙනි තැන හිමි කෙනා ට එක් වසරක ට වලංගු වන රු 5000ක් වටිනා හදිසි අනතුරු ආරක්‍ෂණයක් පිරිනැමිණ. සියල්ලෝ සතුටින් විසිර ගියෝය.
අප නම් අප ට ලැබුණු තෑගි බුක්ති වින්ද මුත් පළවෙනියා ට නම් තමන් ගේ තෑග්ග දැකගන්න ට වත් නොහැකි විය. වසරක් ගෙවී හදිසි අනතුරු ආරක්‍ෂණය කල් ඉකුත් වූව ද ඔහු ට ඉන් ප්‍රයෝජන ගැනීම ට හදිසි අනතුරක් සිදු කර ගැනීම ට නොහැකි විය. ඉතින් අප ඔහු ට ඒ දින වල ලොරි, බස් පෙන්වා "ඔන්න තෑග්ග ගන්න නියම වෙලාව, හැප්පියන්!!!" යනුවෙන් ඔච්චම් කළ වාර අනන්තයි.
මා කියන්න උත්සාහ ගන්නේ මෙයයි. සෑම විට ම කරන විභාගයක හෝ ක්‍රියාවක වෙනියා හෝ ලැබෙන වාසි බලාපොරොත්තුවෙන් නොව, තමන්ගේ දැණුම, ශක්තිය උරගා බැලීමේ අවස්තාවක් යැයි සලකා උපරිම හොඳින් මුහුණ දිය යුතු ය යන්නයි. මන් ද යත් ජීවිතයේ සෑම විටම ලැබෙන ජයග්‍රහණ වලින් අප බලාපොරොත්තු වන වාසි අප ට නොලැබිය හැකි නිසා.
අප ඉගෙන ගත යුත්තේ විභාග සමත් වීම ට නොව ජීවිතය සමත් වීම ට ය. විභාග යනු අප දැණුම ගැන අප ට මැන ගත හැකි මිණුම් දණ්ඩක් පමණි. ඔබ ජීවිතය සමත් වීම ට සිතුවහොත් විභාග ඉබේම සමත් වනු ඇත. කාල වේලා ඇති විටෙක මේ ගැන මදක් සිතා බලන්න.

2 comments:
නියම කතාව දස්සා :)
ඔයා නෙමේ නේද ඒ යාලුවා ;-)
හි හි... නෑ නෑ.. මම නෙමේ... :-) මම උනානම්, කොහොම හරි හදිසි අනතුරක් කරගෙන තෑග්ග ගන්නවා... ;-) හදිසියේම රා බීල පාපැදියක් පැදගෙන ගිහින් පොල්ගහක හරි හැප්පිල අත පය හූරගෙන්න හරි උත්සාහයක් දරනවා.. ;-)
Post a Comment