Thursday, June 19, 2008

ආදරය මොන වගේද?


ආදරය මොන වගේද කියල ඇහුවාම හුඟ දෙනෙක් කියන්නෙ "හරි සුන්දර දෙයක්", "හොඳට හිතල මතල කරන්න ඕන දෙයක්" වගේ දේවල්. සමහරු කියනවා "ආදරය කියන්නෙ උතුම් පරිත්‍යාගයක්" කයලත්. මටත් තියෙනවා ආදරය ගැන කියන්න යමක්.

"ආදරය හරියට හඳ වගේ, සෞම්‍යයි, මුලු විශ්වයටම අයිතියි. ලොවේ සෑම ජීවියෙකුටම නොයෙක් ආකාරයෙන් දිස්වෙනවා. පුර සඳක්, අඩ සඳක්, ආදී වශයෙන්. වෙලාවකට කළු වලාවකින් වැහෙනවා, නැවතත් සිනා සී චලාකුලු අතරින් දිස්වෙනවා. අමාවකක් වී නපුරුකමින් සැඟව යනවා. සැඩ හිරුගේ සැර පරුෂ බව සඟවා සිසිල් එලියක් විහිදවනවා... ඔබත්, මාත්, මේ මුලු ලෝකයත් එකිනෙකාට අයිති නැති වුවත්, සඳ ලොවට සදා අයිතියි."

ආදරය හරිම සෞම්‍යයි, මුලු විශ්වයේ සෑම ජීවියෙකුටම අයිතියි. මව් පිය දූ දරු සෙනෙහස, ප්‍රේමවතුන් වතියන්ගේ ආදරය, සතුන් අතර ඇති බැදීම ආදී මෙකී නොකී බොහෝ ආකරයෙන් පැවතිය හැකියි. ආදරය කෙනෙකුට සාගරයක් ලෙස හෝ දිය දෝතක් ලෙස (අඩු වැඩි වශයෙන්) ලැබෙනු ඇත. වරක ආදර සිත් තරවටුකම් පාන වාරත් ඇත (වරක, දරුවෙකුට වරදකට දඬුවම් කළ පියෙකු නැවතත් වරෙක තුරුලට ගෙන දරුවා සනසන්නේය). අපට ආදරය කරන්නන් කෙදිනක හෝ අපෙන් සදහටම සමුගන්නේය. ඔවුන් සමුගත්තද ඔවුන්ගේ ආදරය සදා අප අතර රැදෙනු ඇත. ලෝකයේ රුදුරු උවදුරු වලින් පීඩිත සිතට අස්වැසිල්ලක් ගෙනෙනේ ආදරයයි. අප කෙදිනකවත් කාටවත් අයිති කරගත නොහැකිය, නමුත් ආදරයේ සිසිලස මේ මුලු ලොව පවතින තුරාවටම සැමටම අයිතියි!

ආදරයට අරුත් බොහෝමැයි. මගේ, ඔබේ සිතැගි පරිදි ඒවා ගෙතිය හැක. මනුෂ්‍ය වර්ගයා පවා පරිඝණක ගත කළ හැකි යුගයක ජීවත් වන අපට ආදරයේ සිසිලස කොතරම් ප්‍රමාණයකට දැනෙනවාදැයි සොයා බලන්නට ඔබ වෙහෙසුනාද? අප තුලින්න දිනෙන් දින ගිලිහී යන ඒ අපරිමිත සෙනෙහස් ගඟුල සිදෙන්නට නොදී රැක ගන්නට, ආදරයට අරුතක් එක්කරන්නට, ඔබටත් මටත් කළ හැකි යමක් වෙතොත්, එය නොවලහා ඉටු කරන්නට අදිටන් කර ගමු.

ඔබටත් හැකියි ආදරයට අරුතක් එක්කරන්න. ඔබේ අදහස "Comments" ඔස්සේ යොමු කරන්න.

4 comments:

සු said...

විලාසිනියකගේ ප්‍රේමයේදී සරාසඳ කියනවා
"ප්‍රේමය නම් අසෙනිය කුසුමක් වේ
රිසි වූ කෙනෙකුට පූජ කරන්නට
ලෝබ සිතින් තොර පිදුව මනාවේ
පෙරළා ලබන්ට නොසිතා බිඳකුත් "..කියල..

රාජ්නීෂ් නම් කිවුවෙ
" ආදරය දිය හැක්කක් මිස ගත හැක්කක් නොවේ " කියල..මං මේ අදහස එක්ක හැමදාම එකඟ වුණා..ආදරය දෙමවුපියෙකුගෙන් වුණත් බලෙන් ගන්න බැහැ. මේ ගැන කියන්න ගොඩක් දේවල් තිබුණත් අන් අය කෙසේ කියවාගනීද කියල බය හිතෙන නිසා මට මගෙම අදහස් ලියන්න හිතක් නැහැ..
ඒත් ආදරය කියන එක කවදාවත් නැති කරන්න බැහැ.

මොකද අපි අද ඉන්න සමාජයේ දි ආදරය මේ සමාජ ‍ගොඩනැංවීම් විසින් අබ්බගාත කරල, අංගවිකල කරල දාල තියෙ‍න්නෙ..ආදරය කියල ඒ අය දකින්නෙ "සමාජ ගොඩනැංවීමක්" මිසක් "මිනිස් සම්බන්ධතාවක්" නෙවී.


මගේ ආදරය මේ සමාජ ගොඩනැංවීම් එක්ක ගලපාගන්න මට උවමනාවක් නැහැ. මොකද මගේ ආදරය කියන්නෙ මගෙම හඬ. එහි වෙනත් කිසිදු භෞතික ලාභයන් හෝ අසීමිත අව්‍ශ්‍යතා නැහැ. අසීමිත පොරොන්දුවලින් කෙලෙසී නැහැ.

එයට සීමාවක් නැහැ. අතුරු අරමුණු නැහැ : )
පරිත්‍යාගය හා කැපවීම තියෙනවා. (ඉවසීමත් එක්ක).. වටිනවා කියලා ලෝකේ අනිත් අය ප්‍රමුඛතාව දී තිබෙන සියලු දේවල් මට ම‍ගේ ආදරය ඉදිරියේ දෙවන තැනට දමන්න පුලුවනි. ඇතැමුන් එය දකින්නේ දුර්වල කමක් හැ‍ටියට කියා කියන්නත් ඕනේ ඉතින්..

ඒ ඔක්කොටම වඩා ඒ තුළ ආදරණීය බව තියෙනවා.

ඉතින් මගේ ආදරය ඇතුළෙදි (මං විඳින ආදරය ඇතුළෙදි) මට ජීවත් වෙනවා කියන හැඟීම දැනෙනවා. මිනිස් සම්බන්ධතාවල වටිනාකම දැනෙනවා..

ඔව් .. ඇත්තටම මං දකින අනෙක් ආදරය කියා කියන සම්බන්ධතාවන්ට වඩා මං අයත් වන ආදරය හරිම මුදු, සංවේදී වගේම සුන්දර දෙයක්. මේ ප්‍රතිචාරය හරිම පෞද්ගලිකයි.

මාව ටිකක් හැඟීම්බර කළාට ස්තූතියි : )

දැනට මේ ඇති නේද ?

Anonymous said...

ආදරය කියන එක අපි ඉගෙන ගන්නෙ සුන්දර වරදක් කියල. නමුත් ටිකෙන් ටික සමාජය සමග ගැටෙන කොට ආදරය කියන්නෙ මිනිස් සම්බන්ධතාවයක් නොවෙන වග එහෙමත් නැත්තනම් සරල කියනවනම් ගනුදෙනුවක් බව අවබෝධ වෙනවා.

ආදරය වෙනුවට රස්සාව, සමාජ තත්වය සහ තව නානා ප්‍රකාර දේවල් ආදේශ වුන යුගයක ආදරය කරනවට වඩා ආදරය නොකර ඉන්න එක සැපයි.

අපිට හැම දාම ගෙවල් වලින් කියන්නෙ හොදට ඉගෙන ගෙන රස්සාවක් කරල ගෙයක් , වාහනයක් ගත්තම හොද ගෑණු ළමයඓක් ලැබෙයි කියල. ඒ ආදරයේ අපේ යුගයේ ස්භාවය කියලයි මට හිතෙන්නෙ. (මේ මගේ ආදරය පිළීබද කියවීම) ඒක හරිම තිරශ්චනයි කියල මට හිතෙනවා.

මේ සංවාදය ඉස්සරහට අරගෙන යමු

Dasunpriya Anuradha said...

කුඩා බිලිදෙකු මෙලොව බිහිවූ විට එම බිලිඳා ආභරන මිළමුදල් කිසිවක් රැගෙන එන්නේ නැහැ. ඒ බිලිඳා වැඩිමහල්ලෙකු වී මොන විධියේ පුද්ගලයෙකු වේවිදැයි කවුරුත් දන්නේ නැහැ. ඒත් හැමෝම ඒ දරුවට ආදරෙයි. මං හිතන්නේ ඒ ආදරය නිර්මලයි, අවංකයි කියලයි. අද පොහොසතා හෙට දුගියෙක් විය හැකියි. ඒ නිසා මං හිතනවා කෙනෙකුගේ රැකියාව, යාන වාහන, උපාධිය දෙස බලා හට ගන්නා ආදරය ඒ පුද්ගලයාට නොව, ඒ බාහිර දේවල් වෙත ඇතිවූ ආදරයක්ය කියා. කෙනෙකු ඔබ තුල සිටන ඔබටම පමනක් ආදරය කරනා තැන නිර්මල, අවංක ආදරයක් ඇති බව මට හැඟේ.

Charuka sandeepa said...

♥️