Wednesday, October 1, 2008

මහනුවර වතුරේ වස.

ඊයේ (30-09-2008) පාන්දර 1.30 ට පමණ මහනුවර සමහර පෙදෙස් වල වතුර ට වස චර්ගයක් මුහු කොට ඇතැයි කියමින් ශබ්ධ වාහීනී යන්ත්‍ර දමාගෙන වාහන වලින් ප්‍රචාරණයක් කර ඇත. සමහර පෙදෙස් වල කිහිප දෙනෙක් මිය ගොස් ඇති බව ට ද කතා පැතිරී ඇත. උදෑසන රූපවාහිනී පුවත් වලින් මෙය අසත්‍ය ප්‍රචාරයක් බව කියා සිටියේය.

මට මේ ගැන කිහිප විධියක අදහස් ඇත.

1. සමහර විට ඇත්ත ට ම යමක් සිදුවී ඇති මුත් රටේ අනිත් ජනයා කලබල වේ යැයි සිතා යට ගැසීම.
2. කවුරුන් හෝ කඩාකප්පල් කාරී පිරිසක් ගේ බොරු ප්‍රචාරයක්.
3. ත්‍රස්තවාදීන් ම බොරු ප්‍රචාරයක් යවා, මිනිසුන් කලබල කර, එය බොරු බව දැන ගන්න ට සලස්වා, කවදා හෝ ඇත්ත ට ම මෙවන් දෙයක් කර ජනයා එය පෙර සේම බොරුවක් යැයි කියා නොසලකා හැරීමෙන් විනාශයක් කරා යොමු වීම ට සැලැස් වීම.

මෙහි දී මාගේ වැඩි අවධානය යොමු වන්නේ තෙවැනි කරුණටයි. කොටියා ට අත් වී ඇති පරාජය මත දැන් ඉතිරිව ඇත්තේ "තොපිත් මරාගෙන අපත් මැරෙනවා" යන සංකල්පයයි. ඒ නිසා අප රටේ කොහේ සිටියත් හොඳට සිත ට ගත යුතු කරුණ වන්නේ "අප සිටින්නේ ද ක්‍රියාන්විත පෙදෙසක යි" යන්නයි. මන් ද යත් මේ මුලු ලංකාවම මේ අවස්තාවේ දී රුදුරු ත්‍රස්තවාදීන් ගේ ඉලක්කයක් වී ඇති නිසාය. මෙය පිළිගැනීම එතරම් අපහසු නොවේ, "යුද්ධය තියෙන්නේ වන්නියේ නම්, ඇයි කොළඹ, නුවර සහ අනිකුත් පෙදෙස් වල මෙතරම් බෝම්බ පිපිරෙන්නේ?" මට හිතෙන්නේ මේ මුලු රටේම යුද්ධය ඇති බවයි. එය එක එක ප්‍රමාණවලින් ඇති එක විතරයි වෙනස. ත්‍රස්තයින්ගේ තර්ජන ය අප හැමෝටමයි!! ඉතින් වතුර ට වස දැමීම වැනි දෙයක් පමණක් නොව, ඊට වඩා දෙයක් වුනත් කරන්න බැරිකමක් නෑ. ප්‍රභාකරන් ජීව අවි යොදා ගත්තේ මුල සිටමය. මිනිස් බෝම්බ යනු ජීව අවියකි!. රසායණික අවි ද යොදා ගැනීම ට නොහැකියාවක් නොමැති බව අප සිතිය යුතු කරුණකි.

මේ නිසා අප මේ යුද්ධය නිම වන තුරුත්, නිම වී කලක් ගත වන තුරුත් ඉතාමත් ම සැලකිල්ලෙන් කල් ගත කළ යුතුවේ. අප හැමෝගේම ජීවිත අනතුරේ ය! බොරු ප්‍රවාර වුවත් සොයා බලා බොරු යැයි සම්මත කොටගෙන මිස අහක දැමිය නොයුතුය.

අපි නිති විමසිල්ලෙන් සිටිමු. බෝම්බ ගැන පමණක්ම නොව, විය හැකි ඕනෑම දෙයක ට සූදානම් ව සිටිමු.

3 comments:

Anonymous said...

නුවර විතරක් නෙවේ මාතලේ නගරයේත් ඔය කට කතාව ගියා.

Dasunpriya Anuradha said...

ඒක තමා චරිත,

ඔයා අහල ඇති නේද අර කොටියා සහ ගොපළු ළමයගේ කතාව... මේකත් ඒ වගේ වෙයිද කියලයි මට සැක. මේ කාලෙ හරි නපුරු කාලයක්, අප අවධියෙන් සිටීම තමා වැදගත්. මේ වෙලාවේ බොර දියේ මාලු බාන අලුගුත්තේරුවොත් නැතුවා නොවේ නේ. අපි අවධානයෙන් ඉමු.

"අපි වෙනුවෙන් අපි" ;-)

Nilaksha said...

එදා අපිටත් පාන්දර 1.30ට විතර ඔය ආරංචිය ආවා. අපේ ගෙවල් පැත්තේ ඔක්කොම මිනිස්සු කලබල වෙලා ගිටියේ. අන්තිමට පොලිස් මොබයිල් රථයක් ඇවිල්ලා කිව්වා ඒක බොරු කටකතාවක් කියලා. නමුත් පාන්දර 1.30 වගේ වෙලාවක් ඒ වගේ කටකතාවක් එච්චර වේගයෙන් පැතිරිලා යෑම නිසා අපි ඔක්කොම හිතුවේ කතාව ඇත්ත වෙන්න ඕන කියලා. ඒ මදිවට ලංකාවේ එක එක පළාත් වල ඉන්න දන්න කියන අය දිගට හරහට කෝල් කරන්න ගත්තා හැම ගෙදරකටම.
මමත් ඉතින් දන්න කියන හැමෝටම පුලුපුළුවන් විදියට දැනුම් දුන්නා. පසුවදා තමයි දන්නේ මේ සිද්ධිය වෙනත් සිදුවීමක් නිසා ඇතිවුන තත්වයක් බව.
‍හොඳම වැඩේ කියන්නේ මමත් එදා කෙලින්ම ටැප් එකෙන් ගත්ත වතුර වීදුරු 2ක් විතර ගහල පොඩි වැඩක් කර කර හිටියේ. අර කතාව ඇහුවට පස්සේ නිකං ජබරකලංතේ වගේ... ෆුල් අන්දුන්කුන්දුන් උනා... බඩත් නිකං රිදෙනවා වගේ දැනෙන්න ගත්තා... කොහොමහරි පසුසේ ජලයට මිශ්‍රකරලා තියෙන්නේ සයනයිඩ් කියලා ආරංචියකුත් ආවා. ඊට පස්සේ පොඩ්ඩක් සැක හිතුනා කතාවේ ඇත්ත නැත්ත ගැන, මොකද කොටින්ට වතුරට දාන්න එච්චර සයනයිඩ් තොගයක් කීයටවත් හොයාගන්න බැරි බව දන්න නිසත්, සයනයිඩ් දාලා තිබ්බනම් මම එච්චර වෙලාවක් ජීවත් නොවන නිසාත්. :P (වතුරට දාන්න තියා උන්ට හදිස්සියකට හපන්නවත් සයනයිඩ් තියද දන්නෑ.. :P)

හැබැයි සයනයිඩ් වගේ රසායන ද්‍රව්‍යයක් හැර බැක්ටීරියාවක්, වෛරසයක් වගේ දෙයක් මිශ්‍රකරලද දන්නෑ කියන සැකේ තිබ්බා...

ඇඟට ලේ ටිකක් ඉනුවේ පහුවදා උදේ ඒ කතාව බොරුවක් කියලා දැනගත්තට පස්සේ.