Sunday, May 17, 2009

අලුත් ශ්‍රී ලංකාචකට ආරාධනා

අප බොහෝ දෙනෙක් මේ වන විට දන්නා පිළිගන්නා කරුණක් වෙයි, එනම් වේලුපිල්ලේ ඇතුලු කොටි රැසක් කොටු වී සිටි බවත්, දැනටමත් උන් සියදිවි හානි කරගෙන සිටින බවත් (මේවා නිළ නොලත් ආරංවි බව සළකන්න). මෙය අප වසර ගණනක් සිට බලාපොරොත්තුව සිටි දෙයකි. මෙරට ත්‍රස්තවාදය තුරන් වී සාමය උදා වන තුරු අප සියල්ලන්ම බලා සිටියේ නොඉවසිල්ලෙනි. එසේනම්, අද දින ඇතුලත නිළ වශයෙන් සාමයේ පණිවුඩය දැන ගැනීමේ බලාපොරොත්තුවෙන් දැනට මම නවතිමි.

හැකි සෑම නිවසකම ගොඩනැගිල්ලකම ජාතික කොඩිය ඔසවා සූදානම් වී සිටින්න.!

ජනපති, තුන්විධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්‍ෂක අංශ ඇතුලු සියලු දෙනාටම මාගේ හද පරි ප්‍රණාමය පුද කර සිටිමි. අපි වෙනුවෙන් ඔබ සියලු දෙනා ජීවිත, ලේ පිදූ හැටි මියැදෙන තුරා අප හදවත් තුළ රැඳී තියේවි.

විරං ජයතු ශ්‍රී ලංකා.

2 comments:

ඉ-නැණ පියස said...

ඇත්තටම මම ඔබේ අදහස් ටිකට ගරැකරනවා.
"හැකි සෑම නිවසකම ගොඩනැගිල්ලකම ජාතික කොඩිය ඔසවා සූදානම් වී සිටින්න.!"
නමුත් ඔබගේ ඔය ඉල්ලීමට තවත් බලා සීටීමට අවැසි නැත.සැබෑ ශ්‍රී ලාංකිකයෙක්ට ජාතික ධජය ඔසවා තැබීමට තවත් බලා සීටීමට අවැසිද?

meegodaya/saman said...

වීරෝධාර හමුදාව ලබාදුන් මේ උදාර ඡයග්‍රහණය සැමරීමට බලාසිටීමට හෝ ලෙහෙසියෙන්ම, ඉක්මනින්ම ඡයපැන් බී අවසන් කිරීමට අවැසි නැත.මේ වනාහී ලෝක ඉතිහාසය අළුතින් ලියැවෙන මහාවංශයක ආරම්භයයි.ලෝකයේ අතිවිශිෂ්ටතම හමුදාවට ඡයවේවා!