Wednesday, December 10, 2008

මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි...


මේ ... නගරය මා ඔබ මුණ ගැසුණු නගරය යි..
මේ... නගරය මා ඔබ වෙන් කෙරුණු නගරය යි...

වැව් ඉවුරේ දිය රළ පෙර සේම බිඳෙනවා
නුග ගස් පෙළ අප නැතුවත් තව දළු ලනවා
සරසවි බිම කඳු රැල්ලෙන් එතෙර පෙනෙනවා
ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා...

මේ.... නගරය

ඔබ අත ගෙන ගිය වීදී ඈ හා යනවා
සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා
ඒ කාලේ පැතූ පැතුම් යලි සිහි වෙනවා
ජීවිතයම හීනයෙකැයි කියා සිතෙනවා

මේ... නගරය

මෙය මා ඉතා ආදරය කල, විටෙක ගත් කල මා ජීවිතය ට ද සබැදි ගීයකි. වරෙක ශ්‍රී ජයවර්ධන පුර සරසවි ගී පැදුරක දී විශාරද මනෝජ් පීරිස් ගේ සංගීතයත් මුසුව (2002 වසරේ දී) මම මෙම ගීය මහත් ආදරයෙන් ගැයුවෙමි. මෙම ගීයේ අයිතිකරු, ඒ ළයාන්විත හඩේ හිමිකරු මෙලෙස අපෙන් සමු ගනීවි යැයි එදා මම කිසි සේත්ම නොසිතුවෙමි.

සිංහල ගීත ලොවේ පෑයූ තවත් දුලබ, අගනා තරුවක් පසු ගිය ඉරු දින (07/12/2008) අප ගී අහසින් නිවී ගියේ ඒ හඩේ මිහිරියාව පමණක් අප ට ඉතිරි කරමිනි. මර්වින් පෙරේරා සංගීත වේදියාණෙනි, ඔබ ට මා නිවන් සුව පතන අතර, ඔබේ ගී හඩ අසන්නට ලැබීම මගේ ජීවිත කාලයේ මට පල දුන් පිණක් බව සිහි කරනු කැමැත්තෙමි.

මා සනසා.. මා නලවා..
සුරංගනාවක් සෙමෙන් ඇවිල්ලා හදේ ලැගුම් අයදී...

සේයා රුව ලබා ගත්තේ lankavideos.magnify.net වෙතිනි.

4 comments:

malee_msg said...

මර්වින් පෙරේ‍රා මහතාගේ ගීත වලින් මම කැමතිම ගීතය තමයි මේ නගරය ගීතය... මම උසස් පෙළට අළුත් පාසලකට ගිය වෙලේ මට සිංදුවක් කියන්න සිද්ධ වුනා..ඒ වෙලාවේ මම කිව්වේ මේ ගීතය... කවදාවත් එපා වෙන්නෙත් අමතක වෙන්නෙත් නැති ගීතයක්...

මර්වින් කියන ගායකයා තවදුරටත් අප අතර නැති වුනත් ඔහුගේ ගීත සදාකල් ජීවත් වේවි.

මුහම්මද් හසන් ජුනෙයිඩීන් said...

අවශ්‍යයෙන්ම සිහිකල යුතු ගායකයෙක් (බඩ රැකගැනිම සඳහා කලාව විකුනන අයගැන මම නොතකමි.) මම ආසම කරන සිංදුවක්. මේ නගරය. ම්ගේ ජීවිතයට ගොඩක් සමීප සිංදුවක් කිව්වත් නිවැරදියි.

SEEKING ME said...

ජිවිතය ජීවත් කිරීෙම්දී අපට තිබිය යතුඅප විදීමට අෙප්ක්ෂිත ෙද්, ඉරණම නැත ෙහාත් සමාජයට අප අවට පරිසරයට අවැසි ෙද් මගින් ෙවනස් කරන්නාවු අප වින්ද, විදීමට ප්රියප්රකෘත්ති සිෙතහි හට ගන්නා අාදරය නම් ෙසාදුරු හැගීෙම් විෙයා්ෙව් විප්රලමිභ ශෘංගාරය සහෘද සිත්වල මනා ෙලස අැතිකිරිමට සමත් ෙසාදුරු ගිතයකි
"ෙම් නගරය..."

සංගීතෙය් නාද රටා මුසු ෙම් ෙග්ය පද අප සව ෙන් වැෙකත්ම නිතැතින් සිහිවන්ෙන් සරසවිෙය් ෙයාවුන් ප්ෙර්මයයි.
සරසවිෙය් ෙයාවුන් සිත්වල හටගන්නා ෙස ෙනහසින් බරිත වූ ජීවිත ගම ෙන්දී ඒ සහකාරිය සහකාරුවා සමගම විදීමට හැකිවන්ෙන් කී ෙදෙ ෙනකුටද?

ඔබ අත ෙහන ගිය වීදිෙය් අෑ හා යනවා...

ඔබත් ඒක්ක අෙයත් ඒහි යන්න හිෙතනවා...

ෙම් ගීතය විදින විට කුමක්ෙදා් හුදකලාවකින් ඔබ මා සිත් ෙවලා ෙනාගන්ෙන් නම්, ෙනත් ෙබාද ෙනාවන්ෙන් නම්,අප මර්වින් ෙප ෙර්රා නම් ගායකයාෙග්, සංගීත ෙව්දියාෙග් සහෘදයන් ෙනාවන ජඩ සිත් අැත්ෙතා් ෙනාෙවමුද?

ෙමවන් ගීතයකින් අප සිත් සලිත කළ ෙම් කලා කරුවානන් සදා සහෘද සිත් සතනි හී ෙනාම ැකී පවති.

Dasunpriya Anuradha said...

අදහස් පල කල ඔබ සැම ට තුති. අප අතරින් සමුගත් මෙන්ම, අප අතර අද ටත් ජීවත් වෙමින් කලා ලොවට අනගි මෙහෙයක් ඉටුකරන සෑම කලාකරුවෙකුටම මම හද පිරි තුති පුදමි.

කලාවක් නොමැති ලොවක් අපායක් වැනිය.